Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි. ප්‍රථම ස්ථාන පිළියන්දලට සහ වේයන්ගොඩට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:21

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි. ප්‍රථම ස්ථාන පිළියන්දලට සහ වේයන්ගොඩට

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (05) නිකුත් කෙරුණා. ලකුණු 199 බැගින් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට දරුවන් දෙදෙනෙකු පත්ව සිටිනවා. ඒ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ භූමිත් මෙත්නූල් විතානගේ සිසුවා සහ වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ සනූප දිමත් පෙරේරා සිසුවායි. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම කඩයිම් ලකුණු ප්‍රමාණය 168 ක් පමණ වනවා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 බැගින් ලබාගනිමින් සිසුන් 3 දෙනෙකු දෙවන ස්ථානයට පත්ව සිටිනවා. ඉන් එක් දැරියක වන්නේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි සිසුවියයි. යාපනය හින්දු ප්‍රාථමික පාසලේ මහේන්ද්‍රන් තිගාලොලිබවන් සහ චාවකච්චේරි හින්දු ප්‍රාථමික පාසලේ නවාස්කන් නාති යන සිසුන් ද දෙවන ස්ථානයට පත්ව සිටිනවා. ශිෂ්‍යත්ව විභාගයේ තුන්වන ස්ථානයට පත්ව සිටින්නේ වව්නියාව නෙලුක්කුලම් සිවපුරම් ප්‍රාථමික පාසලේ බාලකුමාර් හරිතිකන්සුජා සිසුවියයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හතරවන ස්ථානයට දරුවන් 23 දෙනෙකු පත්ව සිටීම විශේෂත්වයක්. ඒ ලකුණු 196 බැගින් ලබාගනිමින්. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් ලබාගත හැකියි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2018 09:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්