මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇති බව පාලක මැදිරිය ප්රකාශ කළා. ප්රමාදයක් සිදුවුණේ මාතර සිට මහනුවර බලා ධාවනයවූ දුම්රියේ ලොරි රථයක් ගැටීම හේතුවෙන්. හික්කඩුව – තිරාණගම අතර දුම්රිය හරස් මාර්ගයකදි ලොරි රථය දුම්රියේ ගැටී එහි මැදිරිවල පැටලී ගොස් තිබෙනවා. එය ඉවත් කිරිම සදහා ටික වේලාවක් ගතවු බැවින් දුම්රිය ගමන් වලට බාධා සිදුවුණා. බෙල් ඇන්ඩ් ලයිට් පද්ධතියක් සවිකර ඇති එම හරස් මාර්ගයේ දි මෙවැනි අනතුරක් සිදුවීමට හේතුව ලොරි රථ රියදුරාගේ නොසැලකිලිමත් භාවය බවයි පාලක මැදිරි ප්රකාශකයෙක් සදහන් කළේ. කෙසේ වෙතත් දුම්රිය එන්ජිමට අනතුරින් හානි සිදුවූ බැවින් එම දුම්රිය අවලංගු කර තිබෙනවා. ඒ වෙනුවට කොළඹ සිට මහනුවර දක්වා වෙනමම දුම්රියක් පස්වරු 5.45 ට පිටත්ව ගිය බව පාලක මැදිරි ප්රකාශකයා පෙන්වා දුන්නා.
අනතුරින් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙම ලොරි රථය ගම්පහ – පස්යාල ආයුර්වේද සමාගමට අයත්වුවක් බවයි හික්කඩුව පොලීසිය ප්රකාශ කළේ. අනතුරින් ලොරි රථයට ද බරපතල හානි සිදුවුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/43117203_10217343813297207_8893498787377446912_n.jpg”]