ජාතික පාසල් මලල ක්‍රීඩා උළලේදී තරග වාර්තා 35 ක්
Related Articles
ජාතික පාසල් මලල ක්‍රීඩා උළලේ මේ වන විට නව තරග වාර්තා 35 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වී තිබෙනවා. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගාවලියේ හතරවන දිනය අද(04) යි. තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000 කට ආසන්න පිරිසක් එක්ව සිටිනවා. ඒ පළාත් නවයම නියෝජනය කරමින්. නගරබද පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිබවා ග්‍රාමීය පාසල් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ වාර්තා කිරීම මෙවර තරගාවලියේදී කැපී පෙනෙනවා. වයස අවුරුදු 14 න් පහළ උස පැනීමේ බාලක තරගයේ රන් පදක්කම දිනා ගැනීමට මොනරාගල තණමල්විල බෝදාගම මධ්‍ය මහා විද්‍යාලයේ දෙනෙත් අනුහස් ක්‍රීඩකයා දිනා ගත්තා. තරගාවලියේ අවසන් දිනය හෙටයි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment