ඉරානයට පනවා තිබු සම්බාධක ලිහිල් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඇමෙරිකාවට නියෝග කිරීමෙන් පසු ඇමෙරිකාව ඉරානය සමග ඇතිකරගෙන තිබූ ගිවිසුමක් අවලංගු කර තිබෙනවා.
ඇමෙරිකාව ඉරානය සමග 1955 වසරේදී ඇති කර ගත් ගිවිසුමකුයි මෙලෙස අවලංගු කර තිබෙන්නේ. දෙරට අතර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව පසුගිය මැයි මාසයේදී ඉවත්වීමත් සමග ඉරානයට සම්බාධක පැනවූවා. මේ හේතුවෙන් ඉරානය ජාත්‍යන්තර අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. ඊයේ එම පැමිණිල්ල සළකා බැලීමෙන් අනතුරුව මානුෂීය භාණ්ඩ සහ ගුවන් සේවා කටයුතු සදහා පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඇමෙරිකාවට දැනුම් දුන්නා.