Life+News The Official News Portal of Independent Television Network Ltd

නෝර්වේ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවට රොබෝ තාක්ෂණික ගබඩා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:32

නෝර්වේ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවට රොබෝ තාක්ෂණික ගබඩා

නෝර්වේ රාජ්‍යයේ සහයෝගීතාව මත රොබෝ තාක්ෂණික ගබඩාවක් ලබන දෙසැම්බර් මාසයේදී  පිහිටුවීමට කටයුතු කෙරෙනවා. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරයේ ප්‍රතිඵලයක්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ  තුන්දින නිලසංචාරය අරඹමින් ඊයේ පස්වරුවේ ඔස්ලෝ නගරයට පැමිණියා. ඔස්ලෝ නුවර එක්ස් එක්ස්  එල් ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නීරීක්ෂණයට ලක් වුණා. එලිමන්ඩ් ලොජික්ස් හා ටික්රි තාක්ෂණ සමාගම්වල මෙහෙයවීමෙන් මෙම රොබෝ තාක්ෂණික කාර්යයන් සැළසුම්කර  ක්‍රියාත්මක කෙරෙනවා. මේ ඔස්සේ  ඉතා කඩිනම් හා කාර්යක්ෂම ලෙසින් ගබඩාගත කිරීමට හැකිවනවා. ඒවා යලි ඇසුරුම්කර නැව්ගත කිරීමටද මෙමගින් හැකියි. ඇගලුම්, වෙනත් නිෂ්පාදන මෙන්ම , මත්ස්‍යන්  , එළවළු , පළතුරුද මේ ආකාරයෙන් ගබඩා කිරීමට හා ඇසුරුම් කිරීමට හැකියාව ඇති බව මෙහිදී හෙළි වුණා.  අදාළ සමාගම් සමග එක්ව  මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනමත්  මූලික සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී ප්‍රකාශ කළා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන , හේෂා විතානගේ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2018 14:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්