ගින්නෙන් උපන් සීතල සිනමා සිත්තම පසුගිය 28 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත කිරීම ආරම්භ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දේශපාලන ජීවිතය හා බැඳුණු සිදුවීම් රැගත් දැවැන්ත සිනමාපටය අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක්. සිංහල සිනමාව ජාත්‍යන්තර වේදිකාව මත සම්මානයට පාත්‍ර කරවන ගමනේ එක් පියවරක් ලෙස මෙම සිනමා පටය ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීම හැඳින්විය හැකියි.
ලබන වසරේ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ “හොඳම චිත්‍රපටය ” කාණෟඩය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා යි මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඒ අනුව නෝවොක් නගරයේ රීජන්සි සිනමා සංකීර්ණයේ දී දිනකට දර්ශන වාර 3 බැගින් පැවැත්වෙන බව සඳහන්.
ප්‍රවීන රංගන ශිල්පි කමල් අද්දරආරච්චි රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන ගින්නෙන් උපන් සීතල සිනමා පටය පිළිබඳව සුබදායී බලාපොරොත්තුවක් තබා ගත හැකි වේවි. ඒ වෙනුවෙන් සිනමා පටයේ කාර්ය මණ්ඩලය ඇමරිකාවේ සිට බොහෝ දෑ සිදු කරන බව වාර්තා වනවා.