ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 08 වනදා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.
දෙරට අතර සෞඛ්‍ය , අධ්‍යාපන ,සංචාරක , ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී කළ ආරාධනය පිළිගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වනවා.