කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ තුන්වන දිනය අද(03)යි. අද (03) උදෑසන පැවති තරගවලදී නව තරග වාර්තා 5 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදහසක් එක්ව සිටිනවා. ඒ සියලුම පළාත් නියෝජනය කරමින්. තරගාවලියේ දෙවන දිනය නිමාවනවිට නව තරග වාර්තා 8 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණා. එම බොහෝ වාර්තා මූලික අදියරේ තරගවලදී වීම කැපීපෙනුනා. ඒ අනුව පසුගිය දින දෙක තුළ බිහිකළ තරග වාර්තා සංඛ්‍යාව 14 ක්. අද (03)දවස පුරා තරග ඉසව් රැසක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.