Life+News The Official News Portal of Independent Television Network Ltd

නාගරික සංවර්ධන අධිකාරියේ විද්වත් කථිකාව ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 10:12

නාගරික සංවර්ධන අධිකාරියේ විද්වත් කථිකාව ජනපති ප්‍රධානත්වයෙන්

නාගරික සංවර්ධන  අධිකාරියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ විද්වත් කථිකාව ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව ස්ථාවර මූල්‍ය පරිපාලනයක් පවත්වාගනිමින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත් වී තිබෙනවා. නාගරික සංවර්ධන  අධිකාරියේ 40 වසරක අතීතය  වර්ථමානය හා ඉදිරිමග තේමාව යටතේයි මෙම වෘත්තික සංවාද කථිකාව සංවිධාන කර තිබුණේ.

සම්මානිත මහාචාර්යවරුන් වන  විලී මෙන්ඩිස් , ඩබ්ලිව්. ඉන්ද්‍රලාල් ද සිල්වා, යන මහත්වරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් මෙම කථිකාවට සහභාගී වුණා.  නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ථ සේවක මණ්ඩලය වෙනුවෙන් එම අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  මහතා වෙතද ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතද මෙහිදී විශේෂ උපහාර තිලිණයක් පිළිගැන්වීම සිදු වුණා.  නාගර සංවර්ධන අධිකායේ  අධ්‍යක්ෂ ජෙනරාල් සුමේධ රත්නායක, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2018 10:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්