නවදිල්ලියේ පිහිටි මැඩම් ටුසෙඩ් ඉටි රූ කෞතුකාගාරය රාජ් කපූර්, මධුබාලා, අමිතාබ් බච්චන්, අනිල් කපූර්, ශාරුක් ඛාන්, මධුරි ඩික්සිත්, රිතික් රෝෂන්, කරීනා කපූර්, දීපිකා පදුකෝන් වැනි බොලිවුඩ් තරු රැසකින් අලංකාරවත් වී තිබෙනවා. මේ තරු අතරට සනි ලියොන් ගේ ඉටි රුවක් එක් කිරීමට කෞතුකාගාර බලධාරින් කටයුතු කර තිබෙනවා.
සනි ලියොන් කියන්නේ බොලිවුඩයේ සරාගි නිළියක ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඉන්දීය සම්භවයක් සහිත කැනේඩියානු ජාතික රංගන ශිල්පිනියක් බව අපි හොඳින්ම දන්නා කරුණක්. මේ ඉටි රුවේ විශේෂත්වයක් තිබෙනවා. ඒ සනී ලියොන්ගේ ඉටි රුව ඇය භාවිත කරන්නා වූ සුවඳ විලවුන් වර්ගයෙන් සුවඳවත් කර තිබීමයි.
“මගේ ඉටි රුව මා පුදුමයට පත් කළා. නිර්මාණකරුවන් එහි නිවැරදි හැඩය ගැනීම වෙනුවෙන් දින ගණනක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඇති. ඔවුන්ගේ සේවය මා කෘතවේදීව අගය කරනවා. මෙම පුදුම සහගත ගෞරවය වෙනුවෙන් මා තෝරා ගැනීම පිළිබඳ විශාල සතුටක් දැනෙනවා”
ඉටිරුව විවෘත කළ පසුව සනී ලියෝන් මාධ්‍ය වෙත ඇගේ අදහස් පළ කළේ ඒ අයුරින්.