Life+News The Official News Portal of Independent Television Network Ltd

මියගිය දෙමළ පුරවැසියන් සිහිකිරීම ප්‍රශ්නයක් වුණු අයට හමුදාපති දුන්න උත්තරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 18:29

මියගිය දෙමළ පුරවැසියන් සිහිකිරීම ප්‍රශ්නයක් වුණු අයට හමුදාපති දුන්න උත්තරේ

මිනිසුන් මුහුණුවරින් විවිධය. කතාකරන භාශාවෙන් විවිධය. ඇවැතුම් පැවැතුම් වලින් විවිධය.  කුල මල ජාති ආගම් ආදී ලෙස බෙදා වෙන් කර ගැනීමද විවිධය.   ඒ විවිධත්වය මිනිස් සමාජයේ අලංකාරය යැයිද කියනු ලැබේ. එහෙත් මේ විවිධත්වය වෙන් කොට උත්කර්ෂයට නංවමින් කා කොටා ගැනීම මානව වර්ගයාගේ ඉතිහාසය පුරා පැවැති අශිෂ්ඨ චර්යාවකි. මිනිස් වර්ගයා මිලියන ගණනින් මේ කාකොටා ගැනීම් අවසානයේ ඝාතනයට පත්විය.

ජාති ආගමින බේද නිසා දස දහස් ගනනක මිනිස්සු මේ රටේද මියැදුනේය. කිසිදු පදනමක් තේරුමක් නැති මෝඩ ගෝත්‍රික වර්ගවාදී වුවමනාවන් රටට කළ විනාශය සුළු ප‍ටු නැත. එහෙත් තවමත් ඇතැම් මුග්ධයන් එයින් පාඩම් ඉගෙන ගෙන නැත.  අද අවශ්‍ය වන්නේ එකෙකු පරයා අනෙකා නැගී සිටීමක් නොවේ. ඒ විවිධත්වයන්ට ගරු කරමින් අගය කරමින් ඉවසමින් එකිනෙකා සමඟ සහයෝගය සහජීවනය සහිතව ජීවත් වීමේ කැමැත්තයි.    ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය මේරටේ සියලු පුර වැසියන්ගේ මාතෘ භූමියයි.  මේ නිසා සියලු පුරවැසියන්ගේ පොදු අනන්‍යතාවය ශ්‍රීලංකික විය යුතු වීම ගැන තවත් විවාදයක් නැත.

උප්පැන්න සහතිකයේ ජන වර්ගය විශේෂ කොට සටහන් කිරීම වෙනුවට  සියලු දෙනා උප්පැන්න ලියාපදිංචියේ සිටම  ශ්‍රී ලාංකිකයන් වීමේ වුවමනාව ගැන පසුගිය දා රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා අදහස් දක්වා තිබුණේ ඒ නිසාය.   ජන කොටස් අතර කවර ආකාරයේ ගැටලු මතු වූවත් එය විසඳා ගත යුත්තේ  සියලු දෙනා ශ්‍රිලංකික මාතාවගේ සුජාත දරුවන් ලෙස සලකාය.

ඊයේ පෙරේදා ඇතම් වර්ගවාදී මානසිකත්වයන් ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ආයතන යළි දෙමළ විමුක්ති සංවිධානයන් සාහසික ප්‍රවේශයකින් නැගිටින බවට බොරු මත ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ.

උතුරේ පැවැති අවසානාවන්ත යුධමය තත්වයන් නිසා මියගිය දෙමළ පුරවැසියන් සැමරීම වෙනුවෙන් සුපුරුදු පරිදි මෙවරත් ලක ලැහැස්ති වීම,  ත්‍රස්තවාදය යළි නැගිටිනවා කියන්නට තරම් මේ මාධ්‍ය බංකොලොත් වී ඇත. ජාතික ආරක්ෂාව ඉවරයි කියමින් බොරුවට කෑ ගහන ජාතිවාදි ගොබිලන්ට පසුගියදා යුධ හමුදා පතිවරයා උත්තර බැඳ තිබිණි.

“සිංහල බෞද්ධ ,දෙමළ, හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි ඕන කෙනෙක්ට… මියගිය වුන් සිහි කිරීම ගැන අපේ ගැටළුවක් නෑ.”

ජාතික ආරක්ෂාව ගන මෙළො මළ දානයක් නොදැන කුලියට කෑ ගහන වුන් ට උත්තර දෙමින් හමුදා පතිවරයා කීවේ  එල්ටී.ටී.ඊ.  සංවිධානය වෙනුවෙන්  මේ මළවුන් සමරීම සිදු වූවත්ත් එය ජාතික ආරක්ෂාවට කෙසේවත් තර්ජනයක් නොවන බවයි.

කොහොම  වුණත්  මෝඩ ගොත්‍රික වර්ගවාදී වුවමනාවන් වෙනුවෙන්  සුළු පිරිසක් දැඟලුවද  මේ රටේ බහුතරයක්  ජනතාව මේ මොඩයන්ට අසු නොවන බව දැන් සහතිකය.

දැනට මේ ඇති සෙස්ස පස්සට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 18:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්