ලංකාවේ දේශපාලන වේදිකාව කලින් කලට උණුසුම් වෙමින් පවතී. 2015 ජනවාරි 08 වැනිදා එතෙක් පැවති පාලනය පෙරළා දමා යහපාලන සංකල්පය වෙනුවෙන් පෙනී සිටි පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේ සවහසක් බලාපොරොත්තු හා ඡන්ද පොරොන්දු පුරවැසියාට ලබා දෙමිනි. එකී පොරොන්දු සීඝ්‍රගාමී ලෙස ඉටු කරාවි යැයි බහුතරය අපේක්ෂා කළේය. වසර 10 ට ආසන්න කාලයක් පැවති පාලනයක සිදු වූ දෑ එක රැයින් වෙනස් කළ නොහැකි නමුත් යහපාලන ආණ්ඩුව සිය පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් සිටින්නේය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/mahinda-rajapaksa-and-china-496×264.jpg”]
පසුගිය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ චෝදනාව ගැන ලෝකයම කතා විය. හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ චයිනා හාබර් සමාගම විසින් 2015 ජනාධිපතිවරණය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක මුදලක් ලබා දී ඇති බවට එම පුවත්පත චෝදනා කර තිබිණ. කෙසේ වුවත් ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යද මේ සම්බන්ධයෙන් පුවත් පළ කොට තිබිණ.
මුද්‍රිත මාධ්‍ය පළ කර තිබූ පුවත්..
සන්ඩේ ටයිම්ස් පුවත්පත
2017 ජූලි මස 15 වන දින දරණ පුවත්පතෙහි සඳහන් කර තිබෙන කරුණු මඟින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු මිලියන 100ක් පිළිබඳව තතු හෙළි කර තිබිණ. එම පුවත්පතට අනුව 1135919019 යන ගිණුම් අංකය මගින් රුපියල් මිලියන 25 බැගින් චෙක්පත් හතරක් ලබා දී තිබේ. මෙකී ලේඛනවල හිමිකරු ලෙස චයිනා හාබර් බැංකු ගිණුම් අංකය දැක්වෙන අතර ඒවා නිකුත් කළේ කාටද යන්න පිළිබඳව ප්‍රශ්න කෙරෙමින් පවති. එසේම මැතිවරණය ආරම්භ වීමට දින 10ට පෙර චෙක්පත් මගින් ලබා දී ඇති මුදල ඇමෙරිකානු මිලියන ඩොලර් 3.7කි. ඉන් ඩොලර් 678,000ක් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත් ටී ෂර්ට් සහ වෙනත් ප්‍රචාරණ ද්‍රව්‍ය වෙනුවෙන් යොදාගෙන ඇත. තවත් ඩොලර් 297, 000ක් ආධාරකරුවන්ට සාරි ඇතුළු තෑගි භාණ්ඩ මිළදී ගැනීම සඳහා ය.
තවත් ඩොලර් 38,000ක් රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරමින් සිටි ජනප්‍රිය බෞද්ධ භික්ෂුවකට ගෙවා ඇත.එකතුව ඩොලර් මිලියන 1.7ක් වටිනා චෙක්පත් 2ක් රාජපක්ෂ පදිංචිව සිටි අරලියගහ මන්දිරයේ ස්වේච්ඡාවෙන් වැඩ කළ අය වෙත ලබා දී තිබේ. මින් බහුතරය සිදු කර ඇත්තේ චයිනා හාබර් ගිණුම විසින් පාලනය කරන උප ගිණුමක් මගින්ය. “හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය” හඳුන්වන කෙටි නාමය වන HPDP Phase 2 ලෙස එය නම් කර තිබේ.
මෙම චෙක්පත් ගනුදෙනු සිදු වූ ආකාරය සම්බන්ධයෙන් චෙක්පත් අංක සහ මුදල් ප්‍රමාණයන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ද සහිතව පළ වි තිබුණි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Capture-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Capture-2.jpg”]
රාවය පුවත්පත
රාවය වාර්තා කළ ආකාරයට 2015/ 06/ 22 වන දින ඩේලි නිවුස් හා 2015/07/24 දින රොයිටර් පුවත් සේවය ද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබේ. රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ මෙකී කොමිස් මුදල ලබාගෙන ඇත්තේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් බවයි. නමුත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම මුදල් හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් ලබා ගත් බවයි.
දිනමිණ පුවත්පත
දිනමිණ පුවත්පත 2018/ 07/ 17 වන දින සිය පුවත්පතෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ ප්‍රකාශයක් සඳහන් කරයි. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කිසිවිටෙකත් නතර නොකරන බව වික්‍රමසිංහ මහතා පැවසූ බව එහි සඳහන් කර තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශන නැවතී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අගමැතිවරයා ප්‍රකාශ කළ බව එහි සඳහන්ය.
මේ සටහන් කළේ ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මගින් මෙම සිදුවීම වාර්තා කර ඇති ආකාරයයි. ඒ අනුව මෙම පුවත පළ කළ ඇතැම් මාධ්‍යවේදීන්ට රාජපක්ෂ කල්ලියේ තර්ජන ගර්ජනවලටද මුහුණ දීමට සිදු වූ බව නොරහසක්. කෙසේ වුවත් මේ සියල්ලට පිළිතුරු දීමට හැකි එක් අයෙක් සිටියි. ඒ වෙන කිසිවෙක් නොව, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය..
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/mahinda-hindana.jpg”]
අද වනතුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් රාජපක්ෂ මහතා සිදු කර නොමැති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. තමන් වරදක් නොකළේ නම් කිසිවෙකුටත් ඒ සබන්ධයෙන් නිහඬව සිටිය නොහැකිය. සිය නිර්දෝෂීභාවය වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙක් මොන ජගතෙක් සමඟ හෝ සටන් කිරිම මිනිස් ස්වභාවයයි. එමෙන්ම වැරදි කළ මිනිහා ද එසේමය. ඔහු ද සිය වරද වසා ගැනීමට නොයෙක් දේ කිම ද මිනිස් ගතියකි. නමුත් සිය වරද හෝ නිවරද පිළිබඳ මුනිවත රැකීම යනු කාගේ ගතියක්ද යන්න පැහැදිලි කළ නොහැකිය. කෙසේ වුවත් රාජපක්ෂලාගේ මේ අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් පිළිතුරු බැඳිය හැකි වන්නේ රාජපක්ෂලාටම පමණක් බව මේ පුවත නිව්යෝර්ක් ටයිම්ස් මගින් අනාවරණය කළ මාධ්‍යවේදිනි මාරියා අබී හබීබ් (Maria Abi – Habib) පවසයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/maria-abi-habib.jpg”]
” අපි වරින්වර අපේ ඡායාරූප ශිල්පියා හරහා රාජපක්ෂ මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා. විද්‍යුත් තැපෑල, දුරකථනය මතින් පමණක් නොවෙයි සාමාජ මාධ්‍ය ජාලා හරහාද අදහස් දැක්වීම් වෙනුවෙන් අප කළ ඉල්ලීම් ඔහු ප්‍රතික්ෂේප කර තිබුණා. මේ පුවත පළ කිරීමේදී ඔවුන්ගේ පාර්ශ්වයෙන් පළ කළ යුතු අදහස් වෙනුවෙන් අප විවර කළ මාවත පිළිගැනීමට ඔවුන් කැමති වුණේ නැහැ. අපි එදා වගේම තවමත් මහින්ද රාජපක්ෂ මහතාව සම්බන්ධ කර ගැනීමට මාස 2ක් තිස්සේ උත්සාහ කරනවා. ”
මාරියා අබි හබීබ් ට්විටර් පණිවුඩයක් මගින් අදහස් පළ කර තිබුණේ ඒ අයුරින්.
එමෙන්ම ඇය ලංකාවේ මාධ්‍ය වෙත කියා තිබුණේද වරින්වර මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමු වීමට උත්සාහ කළත් එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවයි. පෙර කී මාස 2ක කාලය තුළ ප්‍රශ්න 10ක් යොමු කර ඒවාට පිළිතුරු අපේක්ෂාවෙන් තවමත් සිටින බවද ඇය ප්‍රකාශ කර තිබුණි. මහින්ද නිහඬ වුවද ඒකාබද්ධ විපක්ෂය මීට පිළිතුරු බැඳිමට සැදී පැහැදී සිටි බව හොඳින්ම පැහැදිලි වන්නේ රාජපක්ෂලා චීන සමාගමකින් ජනාධිපතිවරණය සඳහා මුදල් ලබා ගැනීමක් කිසිලෙසකින් සිදු කර නොමැති බව ප්‍රකාශ කිරීමත් සමඟය. එසේ මුදල් ලබා ගත්තේ නම් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ඒකාබද්ධ විපක්ෂය අභියෝග කර සිටියි.
චීන තානාපති කාර්යාලයේ නිවේදනය
” ශ්‍රී ලංකාව සමඟ සෑම විටම මිත්‍රත්වය ශක්තිමත්ව පවත්වාගෙන යාම චීනයේ අරමුණ වන අතර අපි මෙරට නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බව දැනුම් දීමට කැමැත්තෙමු. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු, සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවකි. ඒ සඳහා විවිධ පාර්ශ්ව චෝදනා ද එල්ල කරති. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසියම් රටක් රටක් මැදිහත් වන්නේ නම් චීනය එය ප්‍රතික්ෂේප කරයි. එහෙත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා සෑම විටම දෙපාර්ශවය අතර පුළුල් සංවාදය, ඒකාබද්ධ දායකත්වය සහ දෙරටේ ජනතාව අතර ප්රතිලාභ බෙදා ගැනීමේ ස්වර්ණමය රීතිය මත පදනම් වන බව දැනුම් දිමට අපි කැමැත්තෙමු.”
ඉහත නිවේදනය මගින් එහෙටත් නැති මෙහෙටත් නැති පිළිතුරක් ලබා දීමට චීන තානාපති කාර්යාලය කටයුතු කර ඇති බව මේ නිවේදනය කියවන ඕනෑම අයෙකුට වැටහෙයි.
CID පරික්ෂණ ඇරඹේ
මේ සියල්ල මෙසේ සිදුවන විට මේ චෝදනා පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. පසුගිය ජුනි 29 වැනිදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා තිබිණ. ඒ අනුව යමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා හෙට (03) දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/avn27_rajapaksa_19951f.jpg”]
මහින්ද රාජපක්ෂ රට සංවර්ධනය කරන මුවාවෙන් රටේ සම්පත් පිටට දීමේ පිඹුරුපත් සැකසූ පසු තවත් වරක් බලයට ඒමට ගත් අසාර්ථක උත්සාහය නොවන්නට අදටත් මේවා රහසේම සැඟවී යන්නට ඉඩ තිබුණි. නමුත් සත්‍යය හා යුක්තිය තවමත් මේ ලෝකයේ පවතින බවට විශ්වාස කළ හැකිය. මේ විමර්ශන අවසානයේ යුක්තිය ඉටු වේවි යැයි සුවහසක් ජනයා බලා සිටින්නේය. ආණ්ඩුව දැන් කළ යුත්තේ මේ විමර්ශනවලට ඉඩ දී අවසාන තීන්දුව ලැබෙන තෙක් බලා සිටීමය. යහපාලනයේ අනුහසින් එළියට එන මේ තක්කඩි රාජපක්ෂලාගේ වැඩ ගැන ජනතාව ඇත්ත දැනගත යුතුය. ඒ ඇත්ත හෙළිකිරීම මෙරට යුක්තිය පසිඳලන්නන්ගේ වගකීමක්ය.
– ප්රව්දා සිවකුමාර් –