එළවළු තොග මිල සීග්‍ර ලෙස පහත වැටී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය ඉහල යාමත් සමග මෙම තත්වය ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ. වම්බටු, මෑකරල්,දඹල , රාබු , බීට්රූට් , මාලු මිරිස් ආදී එලවලු කිලෝග්‍රෑම් එකක තොග මිල පවතින්නේ රුපියල් 10 ත් ,30 අතර සීමාවේ. උඩරට එළවළු වර්ග වන කැරට් සහ බෝංචි තොග මිල ගණන් ද රුපියල් 70 ත් , 80 ත් අතර පහත බැස තිබෙනවා.