fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොකු ළූණු බීජ දඹුල්ලේම නිපදවීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 11:00

ලොකු ළූණු බීජ දඹුල්ලේම නිපදවීම ඇරඹෙයි

දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු වගාකරන ගොවීන්ට අවශ්‍ය ළූණු බීජ දඹුල්ලේම නිපදවීම ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය ගබඩා විවෘත කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දේශීය වෙළෙදපොළට අවශ්‍ය ලොකු ළූණුවලින් සියයට විසිපහක් සපයන්නේ දඹුල්ල ප්‍රදේශයෙනුයි. එහෙත් වගාවන්ට අවශ්‍ය බීජ ලබා ගැනීමේදී ලොකු ළූණු ගොවීන් ගැටලු රැසකට මුහුණ දුන්නා.

ඒ පිළිබද අවධානය යොමු කළ අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ අවශ්‍ය බීජ එම ප්‍රදේශයේම සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ ආරම්භ කෙරුණා. මෙහි පිහිටුවා ඇති ගබඩා සංකීර්ණයේ එක් ගබඩාවක් සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 12 ක්. ලොකු ළූණු බීජ කිලෝග්‍රෑම් 200 ක් එක් ගබඩාවක නිෂ්පාදනය කළ හැකියි. මෙවැනි ගබඩා 150 ක් පිහිටුවීම සැලසුමයි. රටට අවශ්‍ය සමස්ත බීජ ළූණු නිෂ්පාදනය කිරීම ඉලක්කය වී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්