Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය පැනගැන්වූ සිසුවාට ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රණාමය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 08:45

දුම්රිය පැනගැන්වූ සිසුවාට ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රණාමය

පසුගිය සැප්තැම්බර් 19 වන දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වී තිබියදී එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බව ද එම දෝෂය නිවැරදි කර යථා තත්වයට පත්කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කල සිසුවෙකු බව ද මාධ්‍ය වල පලවිය.

මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇත්තේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවායි.

මේ පිළිබද දැනුවත් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැදවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමටත් අදාල සිදුවීම පිළිබද ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදීමටත් අමාත්‍යවරයා කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පරීක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය සරත් අමුණුගම මැතිතුමා ද දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් ද සහභාගි විය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 08:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්