රටම කැළිකසලවලින් බේරා ගැනීමේ මෙහෙයුමට අයිටීඑන් සූදානමින් පසුවනවා. මෙහෙයුම ආරම්භ කෙරෙන්නේ කටුනායක ඇවරියවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්.
කටුනායක ඇවරියවත්ත ප්‍රදේශවල ප්‍රබලම ගැටලුවක් වී ඇත්තේ කැළිකසළ තැන තැන ගොඩගැසීමයි. ආයෝජන කලාපයේ පන්දහසක පමණ සේවක සේවිකාවන් පිරිසක් රැකියා කරන අතර එයින් සැළකිය යුතු පිරිසක් මේ අවවට ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ තමන් මුහුණ දෙන මෙම කැළිකසළ ගැටලුවට විසදුමක් ලෙස අයිටීඑන් මාධ්‍ය ජාලය හා පහන් වැට ජාතික සංවිධානය එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය තමන්ට අතිශයින් වැදගත් වන බවයි.
ආයෝජන කලාපයේ සේවිකාවක්,
[ot-video type=”youtube” url=”https://youtu.be/uVXAReOJ9K8″]
මෙම ප්‍ර දේශය පිරිසිදු කිරමින් ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළ ලබන හතර වනදා ආරම්භ කෙරෙනවා. ඒ සදහා කටුනායක සීදූව නගර සභාවද එක්ව සිටිනවා. අයිටීඑන් මාධ්‍ය ජාලය හා පහන් වැට ජාතික සංවිධානය ඇතුළු සංවිධාන මෙන්ම ආයතන රැසක් එක්ව ක්‍රියාත්මක කරන මෙම කසළ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සමග බොහෝ දෙනා එක්වෙමින් සිටිනවා.
මනෝෂණ කාරියවසම් – කටුනායක සීදූව නාගරික මන්ත්‍රී,
[ot-video type=”youtube” url=”https://youtu.be/nrftoFs8TdI”]