ඉරානයේ විෂ මත්පැන් පානය හේතුවෙන් 42 ක් ජීවිතක්ෂයට
Related Articles
ඉරානයේ විෂ මත්පැන් පානය හේතුවෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු අන්ධ භාවයට පත්ව ඇති අතර 170 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි. පසුගිය සති තුනක කාලය තුළදී පළාත් පහකින් පුද්ගලයින් 460 කට ආසන්න පිරිසක් විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. මත්පැන් භාවිත කිරීම ඉරානයේ නීති විරෝධී ක්‍රියාවක් වූවත් විශාල වශයෙන් නිවාසවල මත්පැන් නිෂ්පාදනය සිදු කෙරෙනවා. ශරීරයට දැඩි ලෙස අහිතකර ද්‍රව්‍ය වලින් මෙම මත්පැන් නිෂ්පාදනය කිරීම හේතුවෙන් ඉරානයේ මෙලස විශාල පිරිසක් රෝගීවීමට හේතු වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment