fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුහද හොකී තරගාවලියේ සමස්ථ ශූරතාව කාන්තා විදුහලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 09:46

සුහද හොකී තරගාවලියේ සමස්ථ ශූරතාව කාන්තා විදුහලට

කොළඹ බි‍ෂොප් විදුහල සමඟ 14 වන වරටත් පැවති සුහද හොකී තරගාවලියේ මෙවර සමස්ථ ශූරතාව දිනාගැනීමට කාන්තා විදුහල සමත් වුණා.

කොළඹ කෘත්‍රිම හොකී ක්‍රීඩා පිටියේ පැවති තරගාවලිය වයස් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණා. එහි වයස අවුරුදු 17 න් පහළ තරගයෙන් ගෝල දෙකට 0 ක් ලෙස බිෂෝප් විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට කාන්තා විදුහල සමත් වුණා. තියුණු මුහුණුවරක් ගත් වයස අවුරුදු 19 න්  පහළ තරගය නිමාවන තුරුම කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකි වුණේ නැහැ. මේ අනුව එම තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 09:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්