44 වන ජාතික මහා ක්රීඩා උළෙලේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව ඌව පළාත් කණ්ඩායම හිමි කර ගත්තා. එහි කාන්තා ශූරතාව හිමි වූයේ බස්නාහිර පළාත් කණ්ඩායමටයි.
දින දෙකක් පුරා කොළඹ ටොරින්ටන් ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්රීඩා පිටියේ පැවති තරගාවලියට පළාත් නවයම නියෝජනය කරමින් පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම් එක්ව සිටියා. එහි කාන්තා අංශයේ තරග සදහා ඌව පළාත හැර සෙසු පළාත් නියෝජනය කරමිනුයි කණ්ඩායම් එක් වුනේ. තරගාවලියේ පිරිමි කඹ ඇදීමේ අවසන් තරගයට ඌව පළාත් කණ්ඩායම හා බස්නාහිර පළාත් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. තියුණු තරගයකින් අනතුරුව ජයග්රහණය හිමි වුණේ ඌව පළාත් කණ්ඩායමටයි. කාන්තා අංශයේ අවසන් මහා තරගය පැවැත්වුණේ බස්නාහිර හා වයඹ පළාත් කණ්ඩායම අතරයි. එහිදී බස්නාහිර පළාත් කණ්ඩායම කාන්තා අංශයේ ශූරතාව දිනා ගත්තා.