fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ සෑම පාසලකටම පලතුරු උද්‍යානයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 09:38

දිවයිනේ සෑම පාසලකටම පලතුරු උද්‍යානයක්

දිවයිනේ සෑම පාසලකම පලතුරු උද්‍යානයක් බැගින් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාතය මහින්ද අමරවීර මහතා පවසනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ, මරදාන අශෝක විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාතයංශය එය සංවිධාන කර තිබුණා. පාසල්වල මෙන්ම විහාරස්ථාන සහ වෙනත් ආගමික පරිශ්‍රවලද පලතුරු උද්‍යාන ආරම්භ කිරීමට නියමිතයි. නව වැඩපිළිවෙල මෙම මාසය තුළදී ආරම්භ කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ. පලතුරු උදයාන පිහිටුවීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනු ඇති. දරුවන් අතර දේශීය පලතුරු ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ එක් ඉලක්කයක්.

අමාත්‍ය මහින්ද අමරවීර,

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2018 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්