Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ඇමති ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 17:56

හිටපු ඇමති ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අදාළ නඩුව යලි හෙට දිනයේ විභාග කිරීමට කුරුනෑගල මහාධිකරණය නියෝග කළා. පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් රුපියල් මිලියන 5 යි දශම 2 ක් අවභාවිත කළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ නඩුව කුරුනෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ අද  දිනයේ විභාගයට ගැනුණා. අදාළ සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු කෙරුනා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ සිද්ධියේ සෙසු සැකකරුවන් වන ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර්, සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන අය ද හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 17:56
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්