fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්ලිෆඩ් බොක්සිං ශූරතාව පන්නල මාස් ස්ලිම්ලයින් ආයතනයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 12:56

ක්ලිෆඩ් බොක්සිං ශූරතාව පන්නල මාස් ස්ලිම්ලයින් ආයතනයට

92 වන ක්ලිෆඩ් බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව පන්නල මාස් ස්ලිම්ලයින් ආයතනය දිනා ගත්තා. එහි කාන්තා ශූරතාව හිමිවූයේ පානදුර යුනිචෙලා ආයතනයටයි.

කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට බොක්සිං ක්‍රීඩා සමාජ 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 163 දෙනෙකු එක්ව සිටියා. තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස එන් එම් හෙට්ටිආරච්චි සම්මාන දිනා ගත්තා. දක්ෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ පී ඩී ඩී මධුරංගයි. තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු සම්මාන දිනා ගත්තා. දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ එච් එස් ප්‍රියදර්ශනී ක්‍රීඩිකාවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2018 12:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්