මිනිසුන් තිදෙනෙක් පමණක් කතාකරන “බදේශී භාෂාව”
Related Articles
මුළු ලෝකයේම තිදෙනෙක් පමණක් කතාකරන භාෂාවක් පිළිබඳව පාකිස්තානයෙන් වාර්තා වේ.උතුරු පාකිස්තානයේ ඉතා දුෂ්කර, කඳුකර නිම්නයක වෙසෙන ඔවුන් තිදෙනා කතාකරන්නේ බදේෂි භාෂාවයි.
මීට කලෙකට ඉහත දී බදේෂි භාෂාව කතාකරන පවුල් 10ක් පමණ මේ ගම්මානයේ වාසය කළ නමුත් ගම්වාසී පුරුෂයන් ඊට වඩා බලවත් වෙනත් භාෂා කතාකරන පිරිස සමඟ විවාහ පත්වීම හේතුවෙන් දැන් ඒ භාෂාව අභාවයට යමිනුයි පවතින්නේ.
ගම්වාසී පුරුෂයන් සිය මනමාලියන් ගමට කැන්දා ඒමත් සමඟ ඔවුන්ගේ දරුවන් සිය මවුවරුන්ගේ භාෂාව කතා කිරීමට හුරු වූ බව බදේෂි භාෂාව කතාකරන සෙඩ් ගුල් පවසනවා.
එහි ප්රතිඵලයක් ලෙස දැන් ගමේ පමණක් නොව ලොව පුරාම එම භාෂාව දන්නේ පුරුෂයන් තිදෙනෙකු පමණයි.රෙහිම් ගුල් සහ අලි ශේර් භාෂාව කතාකරන අනෙක් පුරුෂයන් දෙදෙනායි. ඔවුන් තිදෙනා මියගිය විට බදේෂි භාෂාවත් මියයනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
මේ අතර එක් පුද්ගලයෙකු පමණක් කතාකරන භාෂාවක් පිළිබඳව නේපාලයෙන් ද වාර්තා වනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment