ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට
Related Articles
ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට එරට රජය එකග වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඇමරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාගන් සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් අතර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති සමුළුවකදීයි මෙම එකගතාවට එලඹ තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ 73 වන සැසි වාරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වුණා. දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශක අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බව තමන්ට දැන ගන්නට ලැබුණු බවත් මේ හේතුවෙන් ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍ය තාක්ෂණය ලංකාවට ලබා දීමට සූදානම් බවත් එරික් හාගන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ආරාධනයද ඒ මහතා පිළිගෙන තිබෙනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment