fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙගා නාට්‍යවල ගොදුරක් වන අපේ පුංචි පැටව්…

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 08:30

මෙගා නාට්‍යවල ගොදුරක් වන අපේ පුංචි පැටව්…

ගෙදර වැඩ කඩිනමින් ඉවර කල සුනන්දා සාලයට දිව ආවේ ඊළඟට විකාශය වන මෙගා නාට්‍ය දෙපැය ලග කාලය ගත කරන්න .ඉන්දීය හා සිංහල සම්භවයක් ඇති මේ නාට්‍ය දෙපැය සුනන්දා වරද්දන්නේම නැත .නිවෙස සාලය මැද තිබු රූපවාහිනිය කොයි කවුරුත් නැරඹුහ.එදාද වෙනසක් නොවුණි.විකාශනය වෙමින් තිබුනේ වැඩිහිටියන්ට පමණක් නැරඹීමට වඩාත් සුදුසු සිප වැලදගැනීම් දර්ශනයකි.

” අම්මේ රන්දීර් බැදලා ඉන්නේ වෙන ඇන්ටි කෙනෙක්නේ.ඇයි ඉතින් මේ ඇන්ටිට උම්මා දෙන්නේ”

ඒ සුනන්දාගේ පස් වියැති දියණියයි. ඒ වදනින් ඇය පියවි ලොවට පැමිණියාය .තමන් අසලින් වාඩි වු දියණිය එම දර්ශනය නරඹමින් සිටින බව ඇයට පසක්වුයේ එවිටය .ඇය වහාම රූපවාහිනිය නිවා දැමුයේ යළි කිසිදිනක මෙගා නාට්‍ය නොබැලීමේ අරමුණෙනි.

ඉහතින් දැක්වෙන්නේ සත්‍ය සිදුවීමක්.අද වෙන කොට මෙගා නාට්‍ය විසින් මුලු රූපවාහිනියම ආක්‍රමණය කර හමාරයි.නොදැන හෝ ඔබේ දරුවා මෙගා නාට්‍යවල ගොදුරක් නොකරන්න .ඔබේ දරුවා රූපවාහිනියෙන් ඈත්කළ යුතු කාලය පැමිණ තිබේ.

මෙගා නාට්‍යයක පොදු ලක්ෂණ

 සෑම මෙගා නාට්‍යයක්ම නිෂ්පාදනය වන්නේ පොදු ලක්ෂණ කිහිපයක් මුල්කර ගෙනයි.

  • අරමුණකින් තොර කොටස් සිය ගණනක් ගලා යයි.
  • හරයක් නැති අතර සමාජයට වැදගත් පණිවිඩයක් ගෙන යන්නේ නැත .
  • රසාස්වාදය ගැන කතා කළ ද හැමවිටම ප්‍රේක්ෂකයන්ගේ ක්‍රෝධය වෛරය වඩවන සිද්ධිවලින් බහුල වේ.
  • නැන්දම්මා ලේලි ඝට්ටනය හැම විටම උලුප්පා දක්වන අතර දෙමාපියන් දරුවන් අතර වෛරය ,දරුවන් දෙමාපියන් අතර වෛරය හා සහෝදර සහෝදරියන් අතර වෛරය කතාව පුරාම තේමාව කර ගනියි.
  • දිවෙන් දිව ගාගෙන හිටි හිතවතෙක් එකවරම දුෂ්ටයා බවට පත්වේ.
  • යටි කුට්ටු වැඩ වංචා බහුලය.
  • එක පුද්ගලයෙකු විවාහ දෙක තුනක් කර ගැනීම,සැමියා බිරිද වංචා කරගැනීම්,දරුවන් නොසලකා හැරීම් අනිවාර්ය අංග වේ.

ඉහතින් දක්වා ඇත්තේ මෙගා නාට්‍යවලට පොදු කාරණා කිහිපයක් පමණි .ඒ දෙස මොහොතක් බලා සිතන්න අපේ පුංචි පැටවුන්ට  රටේ අනාගත උරුමයට මෙගා නාට්‍ය මගින් කරන විනාශය කොයි තරම්ද කියලා .

 අහිතකර බලපෑම්..

දෙමාපියන් හා මෙගා නාට්‍ය නැරඹීමට එකතු වෙන දරුවා මෙගා නාට්‍ය විසින් බිලිගන්නා තුරු දෙමව්පියන් දන්නේ නැත .මෙගා නාට්‍ය දරුවා තුළ ඇති අහිතකර බලපෑම් මොනවාදැයි අපි බලමු.

  • දරුවාගේ වටිනා කාලය නාස්ති වේ.
  • දරුවාගේ ආකල්ප හෝගුණ ධර්ම වගාවට කිසිම ඵලක් නැත.
  • දරුවා විසින් ක්‍රෝධය ,වෛරය ,අනුන් හෙලාදැකීම,ආත්මාර්ථකාමී බව ඇතුලු බොහෝ වැරදි ගුණාංග ප්‍රගුණ කරනු ලබයි.
  • නාට්‍ය සදහා ඇබ්බැහි වෙන දරුවා පවුලෙන් බැහැර වේ.පවුල හා ඇති සම්බන්ධතා දුරස් වේ
  • දරුවාට සුදුසු නැති දර්ශන නැරඹීම මගින් කුඩා මනස විකෘති වේ
  • දරුවා ප්‍රායෝගික නොවන අතර තීරණ ගැනීමේ දී මෙගා නාට්‍යවල අවස්ථා උදාහරණයට ගනී.
  • වයසට නුසුදුසු වචන කියමන් භාවිත කරයි.

ඉහත දක්වා ඇත්තේ මෙගා නාට්‍යවලින් දරුවාට වෙන බලපෑම් කිහිපයක් පමණයි .එදා දොස්තර හොද හිත ,හා හා හරි හාවා වැනි නිර්මාණ අපේ ළමා මනස පිනවන ලද වුවද අද ඉන් ඔබ්බට යමින් මෙගා නාට්‍ය කලාව විසින් ආක්‍රමණය කරන ලද රූපවාහිනිය තව දුරටත් ඔබේ පුංචි පැටියාට සුදුසු ද යන්න තීරණය කිරීම මව්පියන් වශයෙන් ඔබේ වගකීමක්. මේ මග පෙන්වීමක් පමණයි.

 

-ශානිකා රත්නායක-

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්