නිවාස ගැටලුව විසදමින් ශක්තිමත් රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වීරකැටිය,මැදමුලන ප්‍රදේශයේ උදාගම්මාන කිහිපයක ඉදිකිරිම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mV627ctu9gA”]
සදාපූජිත සනත් ජයසූරියගම, සොඳ සිසිල ගම සහ සිරියස ගම යන උදාගම්මානවල ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩලිපිවෙලේ 1300, 1301 සහ 1302 වන උදාගම්මානයි මෙසේ ඉදි කෙරෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් පළකල අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7hwtwfdVSa0″]
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, පළාත් සභා මන්ත්‍රි නිහාල් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.