fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සලාද පිපිඤ්ඤා මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනයට සැලසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 18:12

සලාද පිපිඤ්ඤා මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනයට සැලසුම්

කෘෂිකාර්මික නිශ්පාදන අපනයනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ සලාද පිපිඤ්ඤා වගා ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 300ක් වටිනා කෘෂි උපකරණ පිරිනැමුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මඩකලපුව වාකරේ  සහ මාන්කර්නි ප්‍රදේශවල අක්කර පන්සීයක භූමි ප්‍රමාණයක ආරම්භ කර ඇති සලාද පිපිඤ්ඤා වගා ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මෙම වගාකටයුතු සදහා දායකත්වය ලබා දී තිබෙනවා. නැගෙනහිර පළාතේ යුද ගැටුම්වලට මැදිව සිටි තරුණ තරුණියන් පිරිසක් මෙහි වගා කටයුතු සදහා යොමුව සිටීම විශේෂත්වයක්. අපනයනය ඉලක්ක කර ගත් මෙම ව්‍යාපෘතිය යටතේ වාර්ෂිකව සලාද පිපිඤ්ඤා මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනය කිරිම අපේක්ෂාවයි. සලාද පිපිඤ්ඤා අක්කරයක් වගා කිරීමෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ දහය ඉක්මවූ ආදායමක් ලබා ගත හැකි වනවා. නැගෙනහිර පළාතේ කෘෂිකාර්මික සංවර්ධනය සදහා මෙම වසරතුළ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 58ක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00