එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙරට සංවර්ධන සංග්‍රාමයේ දැවැන්ත ආර්ථික පිම්මක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අනාගත ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/YaAn1uq-t2U”]
මාතර බෞද්ධ විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා සම්බන්ධව ණය පහසුකම් ලබාගැනීමේ දී මාතර දිස්ත්‍රික්කයේ නව ව්‍යවසායකයින්ට මතුවූ ගැටළු පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. නව ව්‍යවසායකයින් තම ගැටලු ඉදිරිපත් කළ අතර ඒ සදහා එම අවස්ථාවේදීම පිළිතුරු ලබාදීම ද සිදුවුණා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සදහා සහාය නොදක්වන බැංකු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/5I3-ybUD0ns”]
මේ අතර මාතර දුම්රියපොළ ඉදිරිපිට පැවති මාර්ග ආරක්ෂාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනට ද අමාත්‍ය මංගල සමරවීර මහතා එක්වුණා. ඒ මහතා දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වුණා. අනතුරුවයි අමාත්‍යවරයා ටුක් ටුක් රථයක නැගි සනත් ජයසුරිය ක්‍රීඩංගනය වෙත පැමිණියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Crg3PVyJ1Q4″]