fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 13:00

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සහ තද සුලං පිලිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. අද (29) පෙරවරුවේ සිට පස්වරු හතර දක්වා අනතුරු ඇඟවීම බලැපැවැත්වෙන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.ඒ හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරලට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප‍්‍රදේශ වෙනුවෙන්. දිවයිනට බස්නාහිර සහ නිරිතදෙසින් වන මුහුදු ප‍්‍රදේශයේ පවතින ක‍්‍රියාකාරි වලාකුළු පද්ධතිය හේතුවෙන් මෙම තත්වය මතුවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. සුලං වේගය ක්ෂණිකව ඉහල ගොස් පැයට කිලෝමීටර 80ක් දක්වා වැඩිවිය හැකි බවත්, දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එම මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළුවීමේ හැකියාවක් ද පවතින බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්