විපක්ෂයේ ඉන්නකොට කථා කරන්නේ උපාසක මහත්වරු වගේ
Related Articles
පසුගිය රජය මාර්ග සංවර්ධනයේ දී විදේශීය කොන්ත්‍රාත්කරුවන්ට වාසි ලබාදුන්න ද වත්මන් ආණ්ඩුව ශක්තිය ලබාදෙන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. ගඩලාදෙනිය, පරණපට්ටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ව්‍යාපෘතිය සදහා මිලියන 498 ක් වැයකෙරෙනවා. මෙමගින් විශාල පිරිසකට සෙත සැලසෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම අවස්ථාවට උඩුනුවර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක නගර සංවර්ධන හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment