ෆේස්බුක් ගිණුම් මිලියන 50 කට ආසන්න ප්රමාණයක් සයිබර් ප්රහාරයකට ලක්ව ඇති බව ෆේස්බුක් සමාගම පවසනවා.
ඒ සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගෙන තිබෙන බවයි එම සමාගම සදහන් කරන්නේ. සයිබර් ප්රහාරයට ගොදුරු වූ ගිණුම් මිලියන 40 ක් පමණ නැවත ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා.
තවත් මිලියන 10 ක පමණ ගිණුම් ආරක්ෂා කීරීමේ පියවර ගෙන ඇති බවයි ෆේස්බුක් සමාගම සදහන් කරන්නේ. මේ සමග තවත් වෙබ් අඩවි ද සයිබර් ප්රහාරයට ගොදුරුවී ඇති බව සදහන්.