fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා කුසලානය ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 11:01

ආසියා කුසලානය ඉන්දියාවට

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ අවසන් තරගයේදී බංග්ලාදේශය පරාජයට පත්කරමිනුයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ඉනිදීය නායක රෝහිත් ශර්මා තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබා දීමට ලීටන් දාස් සමත්වුණා. හුදකළා ඉනිමක නිරත වෙමින් ඔහු වේගවත් ලකුණු 121 ක් ලබා ගත්තා. එහෙත් අනෙක් කිසිදු පිතිකරුවෙක්ට සාර් ථක වීමට හැකිවුනේ නැහැ. පිතිකරුවන් 08 දෙනෙකු ලකුණු 07 සිමාව පසුකිරීමට පෙර තරග නරඹන්නන් බවට පත්වුණා. මේ අනුව බංග්ලාදේශයට සියළුදෙනා දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 222 ක් පමණයි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රෝහිත් ශර්මා නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 48 ක් ඉනිමට එක්කළා. දිනේෂ් කාර් තික් ලකුණු 37 ක් හා මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 36 ක් ලබා ගත්තා.තියුණු මුහුණුවරක් ගත් තරගයේ අවසන් පන්දුවාරයට ලකුණු 06 ක් ලබා ගත යුතු වුණා. අවසන් පන්දුවට ඉන්දියාව ජයග්‍රහණයට එක් ලකුණක් ලබා ගත යුතු වුණා. එම ලකුණ ඉනිමට එක් කිරීමට කිඩාර් ජාදෙව් සමත්වුණා. මේ අනුව කඩුලු 07 ක් දැවී ලකුණු 223 ක් ලබා ගනිමින් කඩුලු 03 ක ජයක් වාර් තා කිරීමට ඉන්දියාව සමත්වුණා. කෙසේ වෙතත් මෙම තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ  ලීටන් දාස්. තරගාවලියේ වීරයා සම්මානය ශිකර් ධවාන් දිනා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2018 11:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්