Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජපක්ෂලාගේ ගෝත්‍රික චර්යා හා නුතනත්වයේ වෙනස

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 19:02

රාජපක්ෂලාගේ ගෝත්‍රික චර්යා හා නුතනත්වයේ වෙනස

රටේ ලෝකයේ සිද්ධ වෙන්නේ මොනවාද? ඒ ඇත්ත ඇති සැටියෙන් දකින්න අහන්න මහජනතාවට තිබෙන ශුද්ධ අයිතිය නිසා ජනමාධ්‍යයට  මාධ්‍ය නිදහස කියා දෙයක් ලැබී තිබේ. මාධ්‍ය නිදහස යනු  මහජනතාව සටන් කොට දිනා ගත් අයිතියකි. ඒ නිසා ජනමාධ්‍යයය දේශපාලන අධිකාරියෙන් හෝ වෙනයම් බලපෑමකින් හෝ  නිදහස්ව පැවැතීම මහජනතාවගේ වුවමනාවකි. ජනමාධ්‍යයට ලැබී තිබෙන නිදහස තමන්ට ඕනෑ ඕනෑ විදීහට අපහරණය කිරීමේ හැකියාවක් කිසිදු මාධ්‍යවේදියකුට නැත.

මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ මේ සාදාචාරාමක නොවන මාධ්‍ය භාවිතය අඩු වැඩි වශයෙන් තිබිණි. මාධ්‍ය නිදහස  මර්දනය කරමින් දේශපාලන බලහත්කාරයට ඉඩ දීමට සිදු වූ යුගයන් විය. පසුගිය මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ මාධ්‍යට වැඩිම බලපැමක් එල්ල කළ  කාලකන්නි යුගයකි . 2015 වසරට පෙර දශකයකයේ දී මාධ්‍යවේදීන් හතළිහකට වැඩි පිරිසක් ඝාතනය වීම හෝ අතුරුදන් වීම සිදු විය. මාධ්‍ය ආයතන ගිනි තැබීම පහර දිම සිදු විය. මාධ්‍යවේදීන් ගන්නාවක් අත්අඩංගුවට ගැනීම සිදුවිය. තවත් බොහෝ පිරිසකට ජීවිත ආරක්ෂාව පතා රටින් පැන යාමට සිදු විය.  වෙබ්අඩවි ගණනාවකට පිවිසීම වළක්වන ලදී. රාජපක්ෂලාගේ ප්‍රශස්ති හැර රාජ්‍ය මාධ්‍යයට වෙනත් තොරතුරු තහනම් විය.

එවැනි බිහිසුණු   යුගයක් පරාජය කර  මේ ගෙවෙන සිව් වැනි වසරේ දී ත් අත්විදින මාධ්‍ය නිදහස ,  මෙරට ජනතාව ලත්  ජයග්‍රහණයකි. එහෙත් මේ ලැබී තිබෙන අසීමිත මාධ්‍ය නිදහස දේශපාලන බඩගොස්තරවාදීන් කිහිප දෙනෙකු විසින් ජඩ ලෙස පාවිච්චි කරමින් තිබේ.  පට්ටපල් බොරු සමාජ ගතකිරීම නිරන්තරයෙන් සිදුවේ.   කිසිදු සදාචාරත්මක භාවිතයකින් තොරව පුද්ගල අපහාස කිරීම් සිදුවේ.   මහජනතාව කළඹවන විවාදාත්මක කරුණු කාරණා ඉතා නින්දිත ලෙස දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් යොදා ගනිමින් තිබේ.

එපමණක් නොවේ, රාජපක්ෂ යුගයේ දී රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ගැන වචනයකින්වත් විරුද්ධ අදහස ප්‍රකාශයට පත්කිරීම තබා සාධාරණ සාධනීය විවේචනයකටවත් ඉඩ ලැබුනේ නැත. එහෙත් අද ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ නිර්දය ලෙස විවේචනය කිරීමට පවා නිදහස ලැබී තිබේ.  පෞද්ගලිකව අපහාස කිරීමද සුලබ ය. එහෙත් කිසිදු මාධ්‍යවේදියකුට තර්ජනය කිරීමක් සුදු වෑන්වලින් පැහැර ගැනීමක් ඝාතනය කිරීමක් මේ යහපාලන යුගයේ දී සිදුව නැත. මාධ්‍ය ආයතන ගිනි තැබීමක් සිදු කර නොමැත. සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ මතදැරීමේ අයිතිය සුරක්ෂිත කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා සිටියේ තමන්ට මාධ්‍ය මගින් කෙතරම් අපහාස කළ ද මාධ්‍යයේ නිදහස වෙනුවෙන් සාදාකල්ම පෙනී සිටින බව ය.  රාජපක්ෂලාගේ ඒකාධිපති ගෝත්‍රික චර්යාවන් හා නුතනත්වයේ වෙනස ඇත්තේ එතැන ය.   රාජපක්ෂ යුගයේ දී මන්ත්‍රී කරූ ජයසූරිය තොරතුරු දැනගැනීමේ පනත යෝජනා කරන විට රාජපක්ෂලා කටයුතු කළේ  මාරාන්තික වෛරයකිනි. එහෙත් වත්මන් යහපාලනය තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනු ලැබුවේ රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකමිනි.  අද එහි ප්‍රතිලාභ සමස්ත ජනතාව බුක්ති විඳිමින් තිබේ. රාජපක්ෂලාටත් දැන් රජයේ නිවැරදි තොරතුරු ලබාගැනීමට මේ පනත මගින් විශාල පහසුවක් සලසා ඇත.

දැනට මේ ඇති සෙස්ස පස්සට

-තත්ත්පර 180-

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 19:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්