fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාමායණය නූර්තියේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 11:16

රාමායණය නූර්තියේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වයි

නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් විසින් (1900) දශකයේ මුල් භාගයේ දී නිෂ්පාදනය කළ රාමායණය නූර්තියේ අතිශය ජනප්‍රිය ගීතයන් වන “අඹ, දඹ, නාරං, කෙසෙල්, දෙල්” , ‘‘සීතා මා සිරියා”, ‘‘ශ්‍රියා මනමත් වී”, ආදී නුර්ති ගීත 54 ක් ඇතුළත් වන අතර එම නූර්ති ගීත පාසල් සිසු දරුවන් ඇතුළු අලුත් පරම්පරාවේ රසවින්දනය සඳහා “නූර්ති ගී සංයුක්ත තැටියක්” නිපදවීමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු යොදා තිබෙනවා.

නූර්ති ඉතිහාසයේ රාමායණය රඟදක්වා ඇත්තේ 1886 මැයි 31 දින පිටකොටුවේ පුෂ්ප ශාලාවේදීය. නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් ගේ නෂ්පාදනයක් වූ රාමායණය නූර්තියේ, ගී තනු හා සංගීත නිර්මාණය කර තිබුණේ විශ්වනාත් ලෞජි සංගීතවේදීයාණන්ය. වසර 37 කට පසු ටවර් හෝල් රඟහල පදනම රාමායණය ප්‍රති නිර්මාණය කර පසුගිය වසරේ වේදිකා ගත කළ අතර එම නූර්තියේ ගීත වර්තමාන පරපුරට විශේෂයෙන් පාසල්, විශ්ව විද්‍යාල හා තරුණ පරපුරට දායාද කිරීමේ අරමුණින්, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ හා ටවර් හෝල් රඟහල පදනමේ පාලක මණ්ඩලයේ සභාපති  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම නූර්ති ගී ප්‍රති නිෂ්පාදනය වන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

මේවන විටත් නූර්ති සහ නූර්ති ගීත අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් විෂය නිර්දේශයට ද ඇතුළත්ව ඇති අතර, ඉදිරියේදී ටවර් හෝල් රඟහල පදනම මගින් නාට්‍ය හා රංගකලාව ඉගෙන ගන්නා පාසල් සිසු දරුවන් හා ගුරුභවතුන් වෙනුවෙන් නූර්ති හා නූර්ති ගීත ජනප්‍රිය කරවීම සඳහා වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමටද නියමිත යැයි ටවර් හෝල් රඟහල පදනම පවසයි.

මෙම නූර්ති ගී සංයුක්ත තැටියේ සංගීත අධ්‍යක්ෂණය කලාභූෂණ ලයනල් ගුණතිලක මහතා විසින් සිදු කරන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2018 11:16

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්