fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී දුම්රියේ ගැටී දෙදෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 10:52

අධිවේගී දුම්රියේ ගැටී දෙදෙනෙකු මියයයි

රාගම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් හතර දෙනෙකු දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගියා.

මෙසේ මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක්. පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාගම දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේයි  මෙම අනතුර සිදු වුණේ. මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේයි මෙම හතර දෙනා ගැටී ඇත්තේ. රාගම පොලීසිය මේ පිළිබද විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්