fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දයාසිරි පත් කළ ලැබ්රෝයි ගැන දයාසිරිටම ප්‍රශ්නයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 10:30

දයාසිරි පත් කළ ලැබ්රෝයි ගැන දයාසිරිටම ප්‍රශ්නයක්

ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි සම්බන්ධයෙන් අර්බුදයක් මතු වුණා.

ඔහු ශ්‍රී ලංකාව ආසියා කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී වෙනත් තරගාවලියක තරග තීරකවරයෙකු ලෙස ක්‍රියා කළා. ඒ ශ්‍රී ලංකා  – ඉන්දියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ. ශ්‍රී ලංකාව ආසියා කුසලානය ක්‍රීඩා කළ ආකාරය විධිමත්ව නිරීක්ෂණයට ග්‍රැහැම් ලැබ්රෝයිට අවස්ථා නොලැබුන බවටයි චෝදනා නැගුනේ. ශ්‍රී ලංකා ක්‍රිකට්හි කාර්ය භාරයක නිරත වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින්  පවරන ලද රාජකාරියක නිරත වීම සදාචාරත්මක නොවන බවටත් මත පල වුණා. ලැබ්රෝයි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස පත්කරන ලද්දේ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා. පැවති මාධ්‍ය හමුවලදී පත්කිරීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් මතු වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2018 10:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්