Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොඩ පිටින් බදාගෙන තනි ගේමක් ගහන මහින්ද තියරිය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 19:23

ගොඩ පිටින් බදාගෙන තනි ගේමක් ගහන මහින්ද තියරිය

2020 දී ආණ්ඩු බලය ගන්නට මහින්ද රාජපක්ෂලා සූදානම්ය. ජනතාව රජ කරවන්නටත් ඔවුන් සැලසුම් හදන්නේය. පසුගිය ආණ්ඩු කාලයේදී තමන්ගේ අතින් සිදු වූ වැරදි ආපසු සිදු නොවන බවත් මේ රාජපක්ෂලාගේ වටේ සිටින  පිරිස් කියන්නේය. කියන දේවල්වල හැටියට නම් ආපහු රාජපක්ෂලා බලයට ආවොත් ලංකාව සුරපුරයක් වෙනවා ෂුවර්ය. අර ගින්න මේ ගින්න, අර භීතිය මේ භීතිය සියල්ල මේ රටින් දූරින්භූත වෙනවා ෂුවර්ය.

මහින්ද ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පතට කිව්වේ තමන්ගේ සහෝදරයකු ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවය. එහෙම අහපු ගමන් විපක්ෂයේ ආධාරකරුවන් කිව්වේ පවුලෙන් පිටට පාලනය දෙන්නට මහින්ද සූදානම් නැති බවය. ඒක තමයි සහෝදර කැක්කුම කියා ඒකාබද්ධයේ ආධාරකරුවෝ කීහ. ඒත් දැන් වෙලා තියෙන්නේ මේ කවුරුවත් හිතපු දෙයක් නොවේ.

දැන් රාජපක්ෂලා එළියේය. ගොඩ පිටින්ම බදාගැනීමේ මහින්දගේ තියරියේ කිසිදු වෙනසක් වී නැත. මහින්ද ඉන්දියාවේ දී කළේ උපායක් යොදා තමන්ගේ පවුලේ හොඳ හිත බේරාගැනීමය. ඒ වෙලාවේ ජන බලයෙන් අනාථ වී සිටි නාමල් රාජපක්ෂව සහෝදරයන් ලවා ගොඩදාගැනීම මහින්දගේ අරමුණ විය. ඒත් ලංකාවට ආපු ගමන් පරණ මහින්ද මතු විය. ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් හීන මැව්වද, ඒවා හැබෑ නොවන බව දැන් ගෝඨාභයගේ කටින්ම කියන්නේය.

දැන් මහින්ද නැවතත් තනි ගේමක් ගහන්නට පටන්ගෙන තිබේ. ඒ ගේමේ තියෙන්නේ මහින්ද තියරි ය.

2005 ආණ්ඩු බලය ගන්නට පෙර මහින්ද රාජපක්ෂ තරම් මිතුරෙක් මාධ්‍යයට හිටියේ නැත. ඒත් රට පාලනය කළ අවුරුදු දහයේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සේවකයන් 42ක් මරා දමන්නට ඒ ආණ්ඩුව කටයුතු කළේය. මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම්, මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම්, තර්ජනය කිරීම් සංඛ්‍යාත්මකව ගතහොත් සිය ගණනකි. මේ සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් ඒ කාලයේදී රටට පේන්නට පරීක්ෂණ ආරම්භ කළේය. ඒත් ඒ පරීක්ෂණ දිව්වේ නැත. රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කෝටි ගණනින් හම්බ කරගත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කිව්වේ මේ සියල්ල විපක්ෂයේ කුමන්ත්‍ර‍ණ බවය.

යළිත් බලය ගන්නට හදන මහින්ද රාජපක්ෂ විජේරාම මාවතේ ඔහුගේ නිල නිවසේ අද පැවැති මාධ්‍ය හමුවට රාජ්‍ය මාධ්‍යයට ආරාධනා කර තිබුණේ නැත. විදේශීය මාධ්‍යයට මෙන්ම වෙබ් මාධ්‍යයට ද ඔහු වාරණයක් දමා තිබිණි. එහෙත් උපක්‍ර‍මශීලීව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නට එහි ගිය ජාතික රූපවාහිනියට මහින්දගේ පාර්ශ්වයෙන් සැලකිල්ලක් ලැබුණේ නැත.

දැනට කරන්නේ මයික් අයින් කිරීමය. බලය ගත් පසු කරන්නේ ජීවිත අයින් කිරීමය. මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මේ පෙන්වන්නේ රට භීතියට පත් කළ අවුරුදු දහයක ඒ පරණ තියරියයි.

 

 -තත්පර 180-

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 19:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්