Life+News The Official News Portal of Independent Television Network Ltd

විරුද්ධ අදහස් මර්දනයට යළි නොඑන මහින්ද ආණ්ඩුවේ ත්‍රස්තවාදී බිල්ලා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 19:49

විරුද්ධ අදහස් මර්දනයට යළි නොඑන මහින්ද ආණ්ඩුවේ ත්‍රස්තවාදී බිල්ලා

ආණ්ඩුව ජාතික ආරක්ෂාව අනතුරේ දමා ඇති බවට චෝදනා කරන පිරිස්වලට රාජ්‍ය විරෝධී ක්‍රියා සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව කිසිදු අවබෝධයක් නැතැයි දේශපාලන විචාරකයන් චෝදනා කරනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් නීත්‍යනුකූල ලෙස අදහස් ප්‍රකාශනයේ නිදහස ලබා දී තිබෙනවා. එය එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ද සඳහන්. එසේ තිබියදී පසුගිය ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් අනාවරණය කළ මාධ්‍යවේදීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට රාජපක්‍ෂවරුන් ක්‍රියා කළා. ආගම් අතර ඇති පරස්පරතා පිළිබඳ පොතක් ලියූ සාරා මාලනී පෙරේරා නම් ඉස්ලාම් ලේඛිකාව රාජ්‍ය විරෝධී චෝදනා යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කළා. ත්‍රස්තවාදී බිල්ලා පෙන්වමින් පසුගිය ආණ්ඩුව විරුද්ධ අදහස් මර්දනය කළේ ඒ ආකාරයෙන්. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නට යහපාලන ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් තුළයි.

මේ පනත තාවකාලික විධිවිධාන පනතක් වීම නිසා ඊට වඩා බලතල සහිත පනතක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම අවධාරණය කෙරුණා. එසේම උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය පිළිබද වාර්තාවෙන් ද මේ පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බව දක්වා තිබුණා.  එම කරුණු සැලකිල්ලට ගෙන තවදුරටත් ජනතාව මර්දනය කිරීමට යොදාගත  නොහැකි පනත් කෙටුම්පතක් ආණ්ඩුව ඉදිරිපත් කළා. මේ යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට ඉහළම ප්‍රමිතියේ මානව හිමිකම් ප්‍රතිපාදන සලසා තිබෙනවා.

නවීන තාක්ෂණය සහ විශේෂඥ සේවා යොදාගෙන විමර්ශන කිරීම, සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන්ට නීතිමය ආරක්ෂාව සැලසීම වැනි සාධනීය කරුණු ද මෙහි ඇතුළත්. කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව චෝදනා කරන්නේ මේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කිරීමක් බවයි. එසේම සැකකරුවන්ට නීතිඥයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ ලබා දී තිබීම වැනි කරුණු ද ඔවුන්ගේ චෝදනාවලට ඇතුළත්. එහෙත් මානව හිමිකම් පිළිබද පුළුල් කතාබහක් ඇති වී තිබෙන වර්තමානයේ තවදුරටත් මර්දනය වැනි අශිෂ්ඨ කටයුතු සදහා මෙවැනි පනත් කෙටුම්පත් යොදා නොගැනීම  වර්තමාන ආණ්ඩුවේ ශිෂ්ඨ ලක්‍ෂණයක් බවයි  දේශපාලන විචාරකයන්ගේ අදහස.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 19:49
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්