fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 17:00

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වෙයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ  අද මධ්‍යම රාත්‍රියේ සිට  සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 195 කින් ඉහල දමා තිබෙනවා.

ගෑස් සමාගම කළ ඉල්ලීමකට අනුව මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය එකගතාව පල කර තිබෙනවා. මිල තීරණය කිරීම ජීවන වියදම් කමිටුවට පැවරුනේ ඒ අනුවයි. මෙම මිළ සංශෝධනයෙන් පසු 1538 ක්ව  පැවති  කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් අද මධ්‍යම රාත්‍රි යේ සිට රුපියල් 1733 ක් දක්වා  මිල ඉහල නැංවෙනවා.

එල්.පී. ගෑස් බෙදා හරින්නන්ගේ සංගමය මේ සම්බන්ධයෙන්  කරුණු දැක්වීමට මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ  එල් පී ගෑස් බෙදා හරින්නන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩී.පී සෝමදාස මහතා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්