ඉරාකයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියකට නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනයකර තිබෙනවා. ඉරාකයේ බසාරා නගරයේ වෙළෙඳ සංකීර්ණයක් ඉදිරිපිටදීයි වෙඩි තැබීම සිදුවුණේ. සොආද් අල් අලී ලෙස හැඳින්වෙන ඇය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සඳහා ද එම නගරයේ දී එක්ව සිටියා. එම අවස්ථාවේදීයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. අදාළ සිද්ධියෙන් ඇයගේ සැමියා ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.