fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 13:58

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්

අනූදෙවන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය මේ දිනවල කොළඹ රාජකීය විදුහල් බොක්සිං ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. මෙවර තරගාවලියට සියලුම බොක්සිං ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටිනවා. ඔවුන් බර පන්ති 10 ක් යටතේ කාන්තා හා පිරිමි වශයෙන් බොක්සිං වළල්ලට පිවිසීමට නියමිතයි. මෙවර තරගාවලියේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බොක්සිං තරග සදහා සංචිත ගත කිරීමට බොක්සිං සම්මේලනය සැලසුම්කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගාවලිය ලබන 29 වනදායි අවසන් වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 13:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්