fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ටත් යතුරුපැදි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 11:42

සෞඛ්‍ය ක්ෂේත්‍ර  නිලධාරීන්ටත් යතුරුපැදි

සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවාවන්වල නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහාද යතුරු පැදි ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ.

මේ අනුව ක්ෂේත්‍ර නිලධාරීන් දෙදහස් හයසිය අසූ හය දෙනෙකුට යතුරුපැදි ලබාදීමට නියමිතයි. මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද ඒ අතර වනවා. මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්, කීට විද්‍යා නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සදහාද යතුරු පැදි ලබාදීමට නියමිතයි. එසේම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් සදහාද යතුරු පැදි ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන අටසිය හැට පහකට අධික බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2018 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්