ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සදහා ජාන වලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතු වල පහසුකම් ඇති කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබෙනවා. එම ඒකකය පිහිටුවිම පිළිබද යෝජනාව නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ මේ වන විට ක්‍රියාත්මක වනවා.
වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සදහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා. තව ද අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් වනවා.
මෙමගින් රෝගී සත්කාර සේවා සදහා වැය වන පිරිවැය ඉතා අඩු වෙයි. වර්තමානය වන විට රට තුල ජාන රසායනාගාර 05 ක් ස්ථාපිත කර තිබෙනවා. එම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාල සියලුම පහසුකම් වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරිම සදහා රුපියල් මිලියන 482 ක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.
ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් 07 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සේවය කරයි. එම වෛද්‍යවරුන්ට ඇමරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතයි. මේ අතර ජාන තාක්ෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කිරිම සහ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබදව වෛද්‍යවරුන් පුහුණු කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වුණා.
ඒ ඇමරිකාවේ හූස්ටන් වල වෙසෙන ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබද ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සමඟිනි. එහිදී ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරිම සදහා සියලුම සහයෝගය ලබාදීමට ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වුණා.