ප්‍රධාන අභියෝග හතක් විසදා ගැනීමට පවතින බව ජගත් සංවිධාන මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළා. ඒ 73 වන මහ සමුළුව අමතමින්. සිරියාවේ සහ යේමන් අර්බුධය විසදීම, රොහිගන්‍යා අර්බුධය, පලස්තීන ගැටළු සහ ත්‍රස්තවාදය ද ඊට අයත්. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ජාත්‍යන්තරය අපහසුතා රැසකට ලක්ව සිටිනවා. ඒවා සමථයකට පත්කිරිමට සියලු ප්‍රජාව අවධානය යොමුකළ යුතු බවයි ජගත් මහ ලේකම්වරයා පවසන්නේ. යුද අවි තරඟය ද ගැටළුවක් වී තිබෙනවා. වෙළඳ ගැටළුවලින් ලෝක ප්‍රජාව නිදහස් කර ගැනීම මුලික අවශ්‍යතාවක්. ඉදිරි කාලයේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කළා.

අභියෝග හතක් ගැන ජගත් මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්
කියවීමට මිනිත්තු 1