” මාධ්‍ය සමීක්ෂා – 3 ” එළිදැක්වේ..
Related Articles
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්රකාශනයක් වන මාධ්‍ය සමීක්ෂා – 3 ග්‍රන්ථය පසුගියදා එළි දැක්වුණා.
” ජනමාධ්‍ය අධ්‍යාපනයේ නව ප්රවණතා සහ සංකල්පීය එළඹුම් ” නමින් වූ ප්‍රධාන දේශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් සිදු කළා.
අ. පො. ස. උසස් පෙළ සන්නිවේදනය විෂය හදාරන සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා ජන සන්නිවේදනය පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන් ඉලක්ක කර ගනිමින් මෙම කෘතිය සකස් වී තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත් ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආරියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.