ලෝක ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ප්‍රසංගිකා කුමාරි සමත් වී තිබෙනවා. ස්පාඤ්ඤයේ පැවති මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියා. එහි යගුලිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ ප්‍රසංගිකා කුමාරි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.
ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ පිළිගැනීමට විශාල පිරිසක් එක්ව සිටියා. ඒ අතර ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින්ද නිලධාරීන් එක්ව සිටියා.