fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විකල්ප නොබෙල් ත්‍යාගය මට එපා – හරුකි මුරකාමි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:31

විකල්ප නොබෙල් ත්‍යාගය මට එපා – හරුකි මුරකාමි

නොබෙල් ත්‍යාගය කියන්නේ ලෝක වාසියෙකුට ලබන්න පුළුවන් ඉහළම සම්මානයක්. එය කොටස් 5ක් ඔස්සේ ප්‍රදානය කෙරෙනවා. ඒ අතරින් සාම ත්‍යාගය හා සාහිත්‍ය ත්‍යාගය සම්බන්ධයෙන් බොහෝ දෙනා උනන්දු වෙනවා. මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය අවලංගු කිරීමත් සමඟම විකල්ප නොබෙල් ත්‍යාගයක් හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. මේ විකල්ප නොබෙල් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ලේඛක නීල් ජායිමන්, ප්‍රංශ කැරිබියානු ලේඛිකා මරයිස් කොන්දි, ජපාන ලේඛක හරුකි මුරකාමි සහ වියට්නාම ලේඛිකා කිම් තූයි නිර්දේශ වී තිබෙනවා.

ඒ අතරින් ප්‍රකට ජපන් ලේඛක හරුකි මුරකාමි තමන්ගේ නිර්දේශය ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.මුරකාමි කියන්නේ ජපානයේ ලේඛ ඉතිහාසය තුළ නොමැකෙන චරිතයක්. ඉතින් තමන්ගේ මෙම තීරණයට හේතුව සාහිත්‍ය නිර්මාණකරණ කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට තිබෙන අවශ්‍යතාවය බව ඔහු පවසනවා.

“මාධ්‍ය අවධානයෙන් මිදී සාහිත්‍යකරණයේ යෙදීමට මට අවශ්‍යයි. හැබැයි මගේ නම නිර්දේශ කිරීම ගැන මම නොබෙල් කමිටුවට ස්තුති කරන්නත් අමතක කරන්නේ නැහැ.”

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පණිවුඩයක් තබමින් හරුකි මුරකාමි මේ බව කියා තිබෙනවා. කොහොම වුණත් විකල්ප නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ වූ සෙසු සාහිත්‍යවේදීන් අතරින් තෝරාගනු ලබන ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව ලබන ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි නොබෙල් කමිටුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්