fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

THE MISS BRITISH EMPIRE 2018 කිරුළ නවගමුව සුරූපී වෛද්‍යවරියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:15

THE MISS BRITISH EMPIRE 2018 කිරුළ නවගමුව සුරූපී වෛද්‍යවරියට

පසුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 තරඟය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණු වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන එහි කිරුළ  දිනාගෙන තිබෙනවා. ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සීමාවාසික පුහුණුව ලබමින් සිටින වෛද්‍යවරියක්. ඉතින් ජයග්‍රහණය ගැන නුවන්දිකා මාධ්‍යට පවසා තිබුණේ මෙවැන්නක්.

“මට ගොඩක් සතුටුයි. කොහොම හරි දිනුවා. හැමෝම වගේ උදව් කළා. තරග වට කිහිපයක්ම තිබ්බා. ලංකාවෙන් එළියට ඇවිත් වෙන රටක ඇවිත් මේ වගේ කිරුළක් අපේ රටට අරන් යන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඇත්තටම ඒ වෙලාවෙදි මට අදහාගන්න බැරිවුණා. මම දිනුවා කිව්වම ඇත්තටම මට ඇස්වලට කඳුළු ආවා. හැබැයි මට ලොකු විශ්වාසයක් තිබ්බා මේ කිරුළ මට ලැබේවි කියලා. උදව් කරපු හැමෝටමත් මම හදවතින්ම ස්තූති කරනවා”යනුවෙනුයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2018 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්