ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එලෙස නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.ජී. එස්. ගුණතිලක මහත්මියට දැනුම් දී තිබෙනවා. මාරුවීම් ලබා සිටින වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් නිදහස් නොකරන රෝහල් අධ්යක්ෂවරුන් සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනෙනවා. එමෙන්ම එම රෝහල් සදහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන නතර කිරීමට සහ රෝහල් අධ්යක්ෂවරයාට උසස් වීම් ලබාදීමේදී මේ පිළිබද අවධානය යොමු කෙරෙනවා. පළාත් සභා රෝහල්වල වෛද්‍ය හා හෙද හිගය පියවීම සදහා ස්ථාන මාරු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. එහෙත් නව සේවා ස්ථානවලට වාර්තා නොකිරීම හේතුවෙන් ගැටළු රැසක් මතුව ඇති බව පළාත් සභා සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙනවා.