යුද හමුදා පැරා ක්රීඩා උලෙළේ ශූරතාව දිනා ගැනීමට පාබල හමුදාව සමත් වුණා. හෝමාගම, දියගම ක්රීඩා පිටියේ පැවති තරගාවලිය දින 3ක් පුරා පැවැත්වුණා. යුද හමුදා ආබාධ සහිත රණවිරුවන් තරගාවලියට එක්ව සිටියා.
එහි සමාප්ති උලෙළ පැවත්වුණේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී අද්මිරාල් ආර් සී විජේගුණරත්න මහතාගේ ප්රධානත්වයෙන්. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ගැමුණු හේවා බලකාය නියෝජනය කළ කෝප්රල් ගාමිණීයි. තරගාවලියේ ශූරතාව පාබල හමුදාව දිනාගත් අතර අනුශූරතාව හිමි වූයේ ගජබා රෙජිමේන්තුවටයි.